Pages

Wednesday, 22 March 2023

නොහිමි පැතුමක 

නුඹව දරාගෙන 

 සිහින අස්සේ අතරමංව

නොහදුනන හදුනන


ඔබේ ඇස් අතරේ

පැටලෙන  මම

මටම හිමි ආලය

සොරාගන්න තියන 

කෑදරකම

නුඹ දන්නවා නම්

කුමක් වේද???????



මගේ කෙල්ලේ

 සමහරු කියන විදිහට

 මම කෙල්ල මත්තෙම ඉන්න එකෙක් 

 ඔව් බන් එහෙම තමා 

මම ඉන්නෙ මගෙ කෙල්ල එක්කමයි 

ඒකට මං දකින

 ලොකු හේතුවක් තියෙයි ...

උබල අපි ඔක්කොම 

හරියට රගපානව නේද ?

තේරුනේ නැතුව ඇති නේ ......

අපි ස්කෝලෙ ගිහින් රගපෑවා ,

අම්මල ඉස්සරහ රගපෑවා,

යාලුවො ඉස්සරහ රගපෑවා ,

තනිකරම සමාජෙ ඉස්සරහ රගපානවා, 

ඒත් හැමෝටම

 එක පුද්ගලයෙක් ගාව

 තමන්ගේ ඇත්ත ස්වරූපයෙන්

 ඉන්න පුලුවන්නම්

 එතන 

ඔය රගමඩලවල් වලට වඩා නිදහස්

 ඉතින් අන්න ඒ නිදහස

 මට හැමදාම ලැබුන

 එකම තැන

 මගෙ කෙල්ල ළඟ ......

 එයා මගෙ 

නොදන්න නොදැක්ක පැත්තක් නෑ.......

 ඉතින් මට

 රගපාන්න දෙයක් නෑ 

එයා ඉස්සරහ......

 හරිම නිදහස්.......

 හරිම ආදරණීයයි .... 


  මම ඔයාව දැක්ක මුල්ම වතාවේ ඉදන්

  ආදරෙන් බැඳුනා...

  ඔයා තමා 

මට මුණගැහුන

  පුදුමාකාර , ලස්සනම

 ගැහැණු ළමයා

  

  ඉතින් කොහොමහරි,


  මම දන්නේ නෑ... 

  ඔයා මාව තෝරාගත්තා...

  ඊට පස්සේ 

  මං ඔයාට ආදරේ කරපු විදිය,

  මම දැන්

 ඔයාට ආදරේ කරන විදිය එක්ක 

සසදන්න බැහැ

  ඒ ආදරේ...


  දැන් මම 

මගේ මුළු හදවතින්ම

 ඔයාට ආදරෙයි ♥️


  මම ඔයාට ගොඩක් ආදරෙයි,

  ඔයා සතුටෙන් ඉන්නවා දකින්නයි 

මට ඕන,


  තවදුරටත්

 මම සතුටෙන් නැති වෙලාවේ පවා ... 

ඔයාගෙ සතුටයි මට ඕනා.......

ජීවිතේ

 මිනිස්සු
 මං ගැන
 කොහොම හිතුවත් 
මොනවා කිව්වත් 
මට වැඩක් නෑ ........
 මගෙ කතාව දන්නෙ 
මම විතරයි .......
මම විදපු දේ දන්නෙ
 මම විතරයි   .......
මම ඉපදුනේ 
අව්‍යාජ වීමට මිසක්  ,
සියලු දෙනා සතුටු කිරීමට නොවේ ....🌼

 හුගාක් මිනිස්සු , 

සමහර මිනිස්සුන්ට අකමැති ඇත්තටම

 එයාලගෙ වැරදි වලටම නෙමෙයි .. 

ඊරිසියාව නිසා .. 

තමන්ට වඩා දෙයක් 

තව කෙනෙක් ළඟ

 තියෙනවා දකින්න තියෙන අකමැත්ත නිසා . 

ඒ ඊරිසියාව

 සාධාරණීකරණය කරන්න , 

අනිත් කෙනාගේ තියෙන වගේම 

නැති වැරදිත් මවාපානවා ......

දුබලයන්ගෙ හැටියක් බන් ඕක ...

Saturday, 18 March 2023

 කාලය ගෙවිලා යන ඉක්මණ 

ගැන හිතුවොත්

 ඒක පුදුමයක් 

ජීවිතේ වසන්ත සමය බොහොම කෙටියි

 මම හැමදාමත් හිතන්නෙ

 ඒ හින්දායි

මල් පිපිලා තියෙන කාලෙට වඩා, 

මල් පරවෙලා,

 කොළ හැලිලා, 

ගෙවෙන කාලෙ බොහොම දිගයි.....

සුන්දර මොහොතවල් 

හරි ඉක්මණට ගෙවිලා යන්නත්,

අසුන්දර කටුක මොහොතවල්

 හුඟාක් දිග වෙන්නත්

 වගකියන්න ඕනෙ

 ඔරලෝසු කටු ද?

සේපාලිකාවෝ

 දිනක නුඔ දෑතින් ගිලිහෙන

එකම මල වුවද 

තවකෙකුට වෙයි

 ඇහැක් තනන්නට  හැකිනම් 

පූජාසනයක් ඒ මල නමින්

නොමවෙයි දිනක 

නුඔ දෑතින් ගිලිහෙන මලක් ....... 


මන්ද ,


ගහෙන් වැටෙන 

සේපාලිකාවන්ටද

බුදුන් පුදනට අවැස 

සිත් ඇති මහමෙරක් .......🌸🤴


Friday, 17 March 2023

පෙම්වතියේ

 දස මස නොදැරුවත්

 කුස මාව..

      ජිවිතේ අරුත කියා දුන්නෙ

 ඇයයි මට ... 

දුක් සගවා සතුටම දුන්නාය මට ...

    මට නුබ මවකි

     දුන් ඒ ප්‍රේමයට ...♥️

නැවතුම්පළ


                                                                                  මගෙ ජිවිතේ 
ආදරණීයම ලස්සනම                     
අවසානයක් නොමැති 
අවසානයක් දකින්නට 
හීනෙකින්වත් අකමැති 
එකම නැවතුම්පළ .....
                                                                          මගෙ එකම හිනේ 
එකම බලාපොරොත්තුව 
එකම ශක්තිය               
මගෙ ජීවිතේ හරියටම නැවතුන 
එකම නැවතුම්පළ.......     
                             
ජීවිතේ විදින්න විතරක්ම දන්න                    ආදරයෙන් විතරක්ම
 ජීවිතේ විදින්න දන්න 
 ජීවිතේ අන්තිම මොහොතෙත් 
එකටම ජිවිතේ ඉස්සරහ යන්න  
එක හිතක් එක්කම 
ජීවිතේ විදින්න  හීන මවන 
මගෙ ජීවිතේ එකම නැවතුම්පළ ......    
                 
ජීවිතේට එන ඕනම අබියෝගයක්ම 
මාත් එක්කම විසදගෙන ......                      දෙන්නගෙම දුක සතුට 
සමව බෙදාගෙන 
ආදරෙන් ජීවිතේ විදින්න  
ජීවත් වෙන්න හීන මවන 
මගෙ ආදරණීයම නවාතැන්පල ........  
          
ඒ ඔයා මගෙ සුදු මහත්තයෝ🤴🏻🌏....        

ආදරය

සුන්දර හැගීමක් එක්ක
එක මොහොතක
ගලපන්න ආදරය
සීමා රහිතව මුමුණන
බොළද වචන ළග
පිරිමි හිත් නිවෙද්දී
ගැහැනු හිත් ඔහුටම අයිති වී
ගොඩනගන ආදරය
කිරිකැටියෙක්ගේ හිනාවෙන්
ආත්මය පුරවගන්න
හීන දකින්න 
හිත් සැනසෙන්න
ආදරයට 
අරුතක් ඕනිමද????












Wednesday, 15 March 2023

අම්මා

ගයන ගීය 
සුවද රැදුණු
මිහිරි මතක
ඔබට වීය
දිනන ලොවට
මුල් හිමිකරු
අයිතිය නම්
ඔබම වීය 
 දුකට සතුට 
විදින බවට
පසක් වූවේ
ඔබගෙන් නම්
ලොවට ඔබම 
කතක් වුවද
මටම ඔබව 
මවමම විය ........













Tuesday, 14 March 2023

අහිමි ඔබ

අහස දුර මුත්

අඩු වුණේ නෑ

පුංචි කරුවල බැබලුවා

පොළොව දැඩිමුත්

අඩු වුණේ නෑ

සොදුරු මල් වල පිබිදුම

සුළග සැඩ මුත්

අඩු වුණේ නෑ

මහ දහවල උණුසුම 

අහිමි මුත් 

අඩු වුණේ නෑ

ඔබ කෙරේ ඇති 

සෙනෙහස.........




















Monday, 13 March 2023

ගැහැනිය


පොතක් වූ ඇයව
කියවා රස විදින්නට 
නොදන්නා පිරිමියෙකුට
හමු වී නම් 
ඇත්තටම ඇගේ කරුමයකි එය
එහි රස මුසුතැන් බොහෝමයි
දුක සතුට ආදරය විරහව
කඩාවැටීම් දරාගැනීම් 
යන පරිච්චේදයෙන් අන්තර්ගතව
ඇත එහි
එනිසා ගැහැනිය නම් වූ ග්‍රන්ථය
මුල මැද අග තේරුම් ගෙන 
අස්සක් මුල්ලක් නෑර 
කියවා අවබෝධ කර ගැනීම 
පිරිමියා සතුයි.........













Friday, 10 March 2023

හීන ලෝකයේ ජීවත් වෙන්න 

වෙලාවකට මං හරි ආසයි

එතකොට හිත් රිදීමක් ඇත්තෙම නෑ

අපිම මවාගත්තු

ලෝකයක් ඇතුලෙ

කැමති විදිහකට ජීවත් වෙනවා

කාටවත් බලපෑම් කරන්නත් බෑ

සීමාවකුත් නෑ

වෙලාවකට හිතෙනවා

මට පිස්සු කියලා

 ඒත් රියැලිටියට වඩා‍

ෆැන්ටසිය මරු






















  


Monday, 6 March 2023

 කෙටි කාලයකට ලැබිලා තියන

කිසිම නිශ්චිත බවක් නැති 

අස්ථීර මේ ජීවිතේ

ඉවක් බවක් නැතිව

සැප හොයනවා

ඒ සැපත් තාවකාලිකයි

සතුටත් අද තියනවා හෙට නෑ

 හැම මොහොතෙම සතුටින් ඉන්න

ජීවත් වෙන්න ආස හිතෙනවා එතකොට ..💖💖















Sunday, 5 March 2023

ප්‍රේමය මනරම්

ප්‍රේමයේ පන්හිදට
පණ පෙවූ ආලය
දිනක නොකියාම 
සැනසීම අතරින් 
හැගීම් මුසුව 
පාට ගන්වන 
හුදකලාව නුහුරු
ප්‍රේමයක්ම වනවා නම් 
හදවත් ගැහෙන රාවය
වීණා හඩටත් ඉහළින් 
වැයෙන විට 
පන්සිළුවටත්  
තුටු සිත්
ප්‍රේමය කියනු ඇත














Saturday, 4 March 2023

සේනානි


මීදුම අතරින් 

සීතල නිදහස් හැගුමක් මුසුව

තල් තුරු

පියගැට පෙළ අතරින් 

සුරපුරයක් සේ

සේනානි මව

හිදින විට

වස් කළට දිය හඩ 

සමග මැවෙන

දියරැල් මෙන් 

සමගිය මුසුකර 

වසත් කලට මල් සුවදින් 

සියුමැලි රටා මවන 

විදු මව 

දිවිය විමනක්.....














Friday, 3 March 2023

සිහින් දෙනෙත්

හිමි අහිමි දේවල් ගැන තැවෙද්දී
දැක්කා සිනා මුසු මුහුණක්
ළපටි අත පය
දූලි ගෑවුණු මුහුණු අතරින් 
දිලෙන ඇගේ දෙනුවන්
දත් පෙළෙන් නැගෙන සිනහවෙන්
ඇස් සිහින්ව
ඉරුණු ගවුම අල්ලාන
මව වටේ කැරකෙන
දුවණිය.......
මව සිගමන් යදිමින්
සිටිනු දුටුවිට
නැවතුනු මගේ හදවත
නැවතත් ඇසුණි
සිනා හඩක්
මං තේරුම් ගත්තේ
සතුටට බේදයක් 
නොමැති බවයි.....













අප්පච්චී


දැඩිවිය
සුවහසක් දනන් මැද
දිවි තරුව ඔබය මගේ
නිතර බත සවිය කළ
මහා කෙත් බිම ද ඔබ විය
නුඹේ තුරුලේ හිද
දග කරන පුංචි 
දෝණිය මමය....
 
ඔබේ ලෙයින් ජනිත වූ
 මා
කළ පිං අපමණය 
නුඹේ දියණිය වන්න....
මගේ දිවියේ
මිණිපහන
නුඹය......














Thursday, 2 March 2023

මිතුරු පෙම

හදට හද ලං වූයේ නොදැනීම

ප්‍රේමයේ මල් පිපෙන හද ගැබ

 දුන්නු ඔබ මා සිත සොරාගත්

සොරදෙටුවාමයි

විටෙක හිනැහී

විටෙක අඩනා

මා කෙරෙන් ඔබ වෙන්වූයේ නැත

ගහක ලියගොමු වෙලෙන අයුරින්

ඔබේ හද මා වෙතට බැදුනේ

කිනම් අරුමෙක පදනමක්වේද

අසන්නෙමි මා මගේ මිතුර



 





















 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....