හොදම යාළුවා
කරගත්තු
හැමදේම කියපු
අවවාද අකුරටම පිළිපැදපු
කිසිම දරුවෙකුට
නෑ
ජීවිතය
වැරදුනේ
එකම ගමනක
එකම ඉරණමක්
සොයා යන්න
පහන් සිළුවකට
පුළුවනිද??
සිත නිවන
රූපයක් ළග
අප පතන දේ නොලැබුණත්
හිතේ සැනසීම නිමක් නැතිව
උතුරා යන
ඒ රූපය අබියස
නොවිනොත් පුදුමයක්.....
සුදු ඔසරියට පෙම් බැද
මංගල තැල්ල දමා
මනාලිය වී
පිටව යන්නට සැරසුන විට
පියාගේ දෙනෙතේ
කදුලු මකා දමනු නොහැකිව
හිත ගොළුව
නැකතට තම දිවිය අරඹන්නට
යන දුවණිය දෙස
බලා ආඩම්බර නෙත් හෙළන
පියාණෙනි
ඔබ සැමදා පැතූ දියණිය
මම වන්නෙමි
දින සති මාස අවුරුදු
අපි හරි ඉක්මනට
තිරයක් උඩ
හරි ලේසියෙන් යවලා
අපිට ඕන තැන නවත්තනවා
ඒත් අපි හිතන්නෑ
සතුට දුක
ගෙවලා දැම්මත්
අතීතයේ දුක් වෙච්ච
මතක සටහන්
හදවතින් නම්
බැහැර නොවන්නේ
කෙලෙසකද????
ලොවක් අබිමුව අබිමන්ව ගත කළ
ලක්මෑණි සිර කළ
උද්දච්ච අමන රැළ
බලව් යෞවනයන් දෙස
නව සුරපුරක් කරා අරගල කරන අයුරු
නිදහස්ව ගෙවන්නට තිබූ සමය
සුන් කළා සිහින එකින් එක
උන්ගේ දරුවනට සුරපුර මවා
ලක්මවගේ දරුවනට කළා හිරිහැර
බලව් බුදුරදුන්ගේ බණ
තේරෙනවාද උඹලට
අහිංසකයාගේ කුසගිනි
හද ගිනි
දැන් දැනෙනවද බොල
උඹලගේ නිවටකම
ගනිව් උඹලගෙ
බොරු ආටෝප
රැගෙන පලයව්
ලක්මව ඉතුරු කර
නීල ගුවනක
පෑයූ සදවත
පායා දිලුනත් අද දිනේ
මා ද රාහුල පුතු ද තනිවෙයි
ගත කළේ මේ ටික දිනේ
දුකයි ඔබ මට ඉතිරි කෙරුවේ
පටන් අබිනික්මන් දිනේ
තැවුල් හා තනිකමයි
මා හට ඉතිරි වුණේ
මගේ සමිදුනේ
වින්දා දුක් මම
ඔබ විදින බව දැන
අතැර සළුපිළි
අතැර රස බොජුන්
රැකී පතිවත හැමදිනේ
ලේන කුලේ සිට පැමිණි සෙනෙහස
අඩු වුණේ ඇයි මගේ ස්වාමිනේ.......
ඇත්තටම
වැරැද්දක් අඩුපාඩුවක් කියන්න
ගොඩක් අය කට ඇරියට
හොදක් ලස්සනක් දුටුවිට
ඔවුන් ගොළුවන් සේය
කට පුරා හිතවත්කම උතුරා ගිය ද
ලෙන්ගතුකම හිතේ කොනකවත් නැත
ඒකට කියන්නේ කුහකකම
ගොඩක් හිත් ඒ වගේ
එහෙම අය ගැන හිතමින්
තැවෙන්නට එපා කිසිවිට
අතේ දුරින් තියාගන්න
ඒ අය ගැන හොදක් දැක්කොත්
ඔබ එපා කටවසා ඉන්න
හදවතින්ම සුබ පතන්න
එයයි මනුස්සකම....
ගත දුබල කල රෝග කාරක සිත ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න දරන උත්සහය ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....