Pages

Tuesday, 21 February 2023

නොනිමි සෙනෙහස

නීල ගුවනක

පෑයූ සදවත

පායා දිලුනත් අද දිනේ

මා ද රාහුල පුතු ද තනිවෙයි

ගත කළේ මේ ටික දිනේ

දුකයි ඔබ මට ඉතිරි කෙරුවේ

පටන් අබිනික්මන් දිනේ

තැවුල් හා තනිකමයි 

මා හට ඉතිරි  වුණේ

මගේ සමිදුනේ

වින්දා දුක් මම

ඔබ විදින බව දැන

අතැර සළුපිළි

අතැර රස බොජුන්

රැකී පතිවත හැමදිනේ

ලේන කුලේ සිට පැමිණි සෙනෙහස

අඩු වුණේ ඇයි මගේ ස්වාමිනේ.......
































18 comments:

 ගත දුබල කල රෝග කාරක සිත  ගත වෙලාගන්නා කල ඉන් මිදෙන්න  දරන උත්සහය  ලේ මස්පිඩු සාරය උරාගන්නා තෙක් නිරෝගීකම පරම ලාබයක්ම වන්නේය....