නෙතු වෙහෙස පාන
නිදිමත අතර
නොනිදන්න හේතු
කරගෙන සිත
ලබ් ඩබ් ගා පවසන නාදයට
මොහොතක් සවන් වැකුණු කළ
ජීවිතයේ අර්ථය
වසර ගණනකට කොහොම තේරුම් ගන්නදැයි
සවන හරහා මනසට
ශීඝ්රයෙන් ඇතුළු වී
නාස් පුඩු අතරින් නොයන විගස
අදුර මැදින්
නෙත් දෝංකාර කර
නිදිමත බලෙන්ම
මා වැළද ගත්තේ යළිත්
නෙත විදවන වෙහෙස
පැය ගණනකට
උනා දැමීමටය.......
❤️❤️❤️ super idea post
ReplyDelete❤️❤️
ReplyDelete🥰 🥰 Wooow
ReplyDeleteනියමයි 😘
ReplyDelete